මුල් පිටුව උණුසුම් පුවත් කැලණි සරසවියේ නවකවධකයෝ සොයා පොලිස් විමර්ශනයක්

කැලණි සරසවියේ නවකවධකයෝ සොයා පොලිස් විමර්ශනයක්

0
kelani campus

කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමාට නවක වදය දුන් බවට දෙවන වසරේ සිසුවෙකු විසින් ඊයේ (31) සවස කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

නවක වදයට ගොදුරු වූ බව කියන දෙවැනි වසරේ සිදුවා පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත්කරමින් සඳහන්කර ඇත්තේ දේශන අවසන්ව ඊයේ සවස 3.00ට පමණ තමා ක්‍රීඩා පුහුණුව සඳහා විශ්ව විද්‍යාල ක්‍රීඩාගාරය වෙත වමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමාව අතර මගදී නතරකරගත් බවය. සිය භාහිර පෙනුම සම්බන්ධයෙන් ඔවුන් තමන්ට දෝෂාරෝපනය කර කොණ්ඩය හා රැවුල භූගාන ලෙසත් සපත්තු නොදා සෙරප්පු දමන ලෙසත්, අත් ඔරලෝසු නොපලදින ලෙසත් සඳහන් කළ බව ඔහු කියයි.

තමා එයට විරෝධය දැක්වීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස විසින් තමාය ආපන ශාලාවට රැගෙන ගොස් ඒ අය අතර සිටි තිදෙනෙක් තමාගේ මුහුණට හා ඇඟට පහරදුන් බව ද පැමිණිලිකාර සිසුවා පොලීසියට සඳහන්කර තිබේ.

තමාට පහරදෙන අවස්ථාවේදී සිසුන් 07 දෙනෙකු පමණ සිටි බවත් නම් වශයෙන් ඒඅයව හදුනන්නේ නැති වූවත් මුහුණින් ඒ අයව හදුනා ගැනීමට හැකි බව ද පොලීසියට ඔහු පවසා ඇත.

මෙම පැමිණිල්ල සටහන්කර ගැනීමෙන් අනතුරුව පොලීසිය එම නවස සිසුවාව රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ. පොලීසිය පවසන්නේ පහරදුන් සිසුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version