මුල් පිටුව උණුසුම් පුවත් පාන් මිල බහින ලකුණු

පාන් මිල බහින ලකුණු

0
Wicker basket with assorted baking products isolated on white background

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්හි මිල ගණන් පහළ දැමීමටත්, තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහාත් අවධානය යොමුවී තිබේ.

අද දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (28) පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කෙරුණි.

එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මේ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා අඩු වී ඇති බවයි.

විවෘත ගිනුම් හරහා මාස දෙකක කාලයක් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර හිමිවූ බැවින් මෙම මිල ඉදිරියටත් පවතිනු ඇති බව ඔහු කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version