මුල් පිටුව උණුසුම් පුවත් පවුල් ලක්ෂ 38ක් රජයේ සුබසාධන ඉල්ලලා

පවුල් ලක්ෂ 38ක් රජයේ සුබසාධන ඉල්ලලා

0

සමෟද්ධිය ඇතුළු රජයේ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මේ වනවිට පවුල් ලක්ෂ 38 ක් අයැදුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ අතරින් ලක්ෂ 10 ක් පමණ යැපුම් මට්ටමින් පහතට ගොස් ඇති බවට අනාවරණ වන බවයි.

ලබන 28 දක්වා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනට අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.

සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝග සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන සියලුම පවුල් හෝ පුද්ගලයින් සහ සහනාධාර අපේක්ෂාවෙන් සිටින පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් නව ව්‍යාපෘතිය යටතේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

අදාළ අයැදුම්පත්‍රය සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) බාගත කළ හැකියි. 

නියමිත පරිදි පුරවන ලද අයැදුම්පත, අයැදුම්පතෙහි සඳහන් අදාළ නිලධාරීන්ගේ අවසරය ඇතිව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112151481 හෝ 1919 දුරකතන අංක අමතා ලබාගත හැකියි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version