මුල් පිටුව උණුසුම් පුවත් විරෝධතා පිටුපස ඇමරිකාව – ඉරානය නඩු මඟට බසී

විරෝධතා පිටුපස ඇමරිකාව – ඉරානය නඩු මඟට බසී

0

තම රටතුල මේවන වට පැතිර යන විරෝධතාවලට සෘජුව මැදිහත් වීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඉරානය සඳහන් කරයි.

ටෙහෙරාන් පාලනය විසින් ප්‍රකාශ කර සිටියේ තමන් මෙම විරෝධතාවලට සම්බන්ධ වූ පිරිස් සම්බන්ධයෙන් මේවන විට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඒ පිටුපස සිටින පාර්ශවයන්ද හඳුනාගෙන ඇති බවයි.

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම එක්සත් රාජධානියට සහ සෞදි අරාබියට එරෙහිව නෛතික පියවර ගන්නා බවද ඉරාන රජය සඳහන් කළේය.

ඒ අනුව බීබීසි පුවත් සේවය, ඉරාන ඉන්ටර්නැෂනල් වැනි රූපවාහිනී නාලිකාවන් මගින් විරෝධතාවලට අනුබල දීම් කරන බවද ඒ පිළිබඳව අදාල පියවර ගන්නා බවද සඳහන් කරනු ලැබීය.

ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා 22 හැවිරිදි මහසා අමිනි ඉරාන සදාචාරත්මක පොලිසිය විසින් ඇය නිසි ලෙස හිස ආවරණය පැළඳ නොසිටි බවට පවසමින් අත්අඩංගුවට ගෙන පසුව ඝාතනය කළ බවට චෝදනා කරමින් ඉරානය පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.

එහිදී කාන්තාවන් විශාල පිරිසක් සිය හිස් ආවරණ පසෙක දමා අතැමුන් සිය කොණ්ඩයද කපා දමමින් සිය විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණි. මේත් සමඟම ඉරනය පුරා වැඩ වර්ජන මාලාවක්ද ආරම්භ විය.

ඉරානය පුරා පැවැත්වෙන විරෝධතාවන්ට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිය සහය පළකළ අතරම ඉරානයේ සදාචාරත්මක පොලිසියට එරෙහිව සම්බාධක පනවන බවට හෙතෙම ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මෙම විරෝධතා වලට එක්සත් ජනපදය සහය දීම පසුපස දේශපාලනික අරමුණක්ද පැවැතිය හැක. ඉරානය මේවන විට රුසියාව සමඟ ඉතා සමීපව කටයුතු කරන අතරම පසුගිය කාලයේදී සිය යුධ ශක්තිය සීඝ්‍රයෙන් වර්ධනය කර ගැනීමටත් ලොව බලවත් හමුදාවන් සහිත රටක් බවටද පත්ව ඇත.

මේ අතර ඉරානය විසින් රුසියාවට යුක්‍රේනයේ ඉල්ලක වෙත ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලබාදීමට පියවර ගෙන ඇති අතර මේවන විට යුධමය ඩ්‍රෝන තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින රටක් බවට ඉරානය පත්ව තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version