මුල් පිටුව උණුසුම් පුවත් හෑගොඩට වැස්ස මිලිමීටර් 300ට ආසන්නයි – දිස්ත්‍රික් 12කට හෙටත් මහවැසි

හෑගොඩට වැස්ස මිලිමීටර් 300ට ආසන්නයි – දිස්ත්‍රික් 12කට හෙටත් මහවැසි

0

අද (23) පෙරවරුව වන විට ගාල්ල බූස්ස හෑගොඩ ආශ්‍රිතව මිලිමීටර් 279 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුව වන විට ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයේ ය.

මේ අතර අද පස්වරුවේ සිට හෙට පෙරවරු 6.30 දක්වා දිස්ත්‍රික් 12කට පමණ මිලිමීටර් 100කට අධික වැසි තත්වයක් බලපානු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පල කර තිබේ.

දිවයිනේ සෙසු දිස්ත්‍රික් වලට ද වැසි බලපාන බව අද පස්වරුවේ නිකුත් නිකුත් කළ නවතම කාලගුණ වාර්තාවේ දැක්වේ.

Feature Image – Thilina kaluthotage

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version