මුල් පිටුව උණුසුම් පුවත් ජාත්‍යන්තර පාසල් වැසිකිලියෙන් බිළිඳු කළලයක් මතුවේ

ජාත්‍යන්තර පාසල් වැසිකිලියෙන් බිළිඳු කළලයක් මතුවේ

0

ගම්පහ පිහිටි ජාත්‍යන්තර පාසලක වැසිකිලියක තිබී බිළිඳු කළලයක් ඊයේ හමුවී ඇත.

මෙම බිළිඳු කළලය හමුවී ඇත්තේ පාසල් නිමවීමෙන් පසු වැසිකිලි පිරිසිදු කිරීමේදීය.

කළලය හමුවූ වැසිකිලිය පාසලේ සිසුවියන් වෙනුවෙන් වෙන්කර ඇති එකක් බැවින් මෙම බිළිඳු කළලය පාසල් සිසුවියකගේ බවට පොලීසිය සැකකරයි.

මෙම කළලය හෙට දිනයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව ඇත. එම පරීක්ෂණයෙන් පසු අදාල පාසල් සිසුවියන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version