මුල් පිටුව උණුසුම් පුවත් ක්‍රීඩා පුහුණුව අවසන්ව දියනෑමට ගිය සිසුන් තිදෙනා ගං මෝයේ ගසාගෙන යති

ක්‍රීඩා පුහුණුව අවසන්ව දියනෑමට ගිය සිසුන් තිදෙනා ගං මෝයේ ගසාගෙන යති

0

අම්බලන්ගොඩ කළුබඩුමුල්ල ගාමිණි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක් පාසලේ ක්‍රීඩා පුහුණුව අවසන්ව ඊයේ සවස ඌරවත්ත පාසල අසලින් මාදම්පාගම ගංමෝය අසලින් දිය නෑමට ගොස් සැඩපහරකට හසුවී මුහුද දෙසට ගසාගෙන ගියහ.

එහිදී ගම්වැසියන් එක්ව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව එක් සිසුවෙක් මුලින්ම බේරාගෙන ගොඩබිමට ගෙන එන ලදි. අනතුරුව තවත් සිසුවෙක් ගොඩබිමට රැගෙන ආවත් ඔහු ඒ වන විටත් සිට ඇත්තේ මිය ගොසිනි.

එම සිසුවා අම්බලන්ගොඩ තල්ගස්ගොඩ පදිංචි 17 වියැති ඩබ්ලිව්. විශ්ව නැමැති අයෙකි.

එක් සිසුවෙක් දියේ ගිනී අතුරුදන්ව සිටි අතර එම සිසුවාගේ සිරුර සොයා ගනු ලැබුවේ අද උදෑසනය. ඒ අම්බලන්ගොඩ තිලකපුර පදිංචි 14 වියැති කවිෂ්ක කුමාර නැමැති සිසුවාගේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version