මුල් පිටුව උණුසුම් පුවත් බස් වර්ජනයක් අතළඟ

බස් වර්ජනයක් අතළඟ

0

බස්රථ සඳහා කල්බදු වාරික ගෙවීමට සහන කාලයක් ලබා නොදෙන්නේ නම් ලබන 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට බලධාරීන් කඩිනමින් සාකච්ඡාවක් ද ලබාදිය යුතු බවයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන පසුබිමක් තුළ තමන් බස් රථ ධාවනයට එක් කරන්නේ වැඩි මුදලකට ඉන්ධන ලබාගැනීමෙන් බවද ඔහු පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version