මුල් පිටුව උණුසුම් පුවත් දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලේ දිවා ආහාරය

දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලේ දිවා ආහාරය

0
Sri Lanka, Kilinochchi, 11 May 2015 WFP provides daily nutritious meals to 160,000 primary and secondary students in 958 schools in the conflict-affected Northern Province of the country. WFP distributes rice, dhal and vegetable oil to schools where volunteer cooks prepare the meals. The Ministry of Education supplements the programme by providing vegetables bought from local farmers. The programme has resulted in a stark improvement in school attendance. In the photo: students eat their WFP school meals at Ampalpuran school in the northern province of Sri Lanka. Photo: WFP/Nguyen Duc Hoang

රට පුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීම සඳහා ‘රටේ දරුවෝ මගෙත් දරුවෝ’ නමින් වැඩසටහනක් සින්ගියුලර්රිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධව ආරම්භ කර තිබේ.

මේ වැඩසටහන යටතේ දරුවන්ට දිනපතා සමබල ආහාර වේලක් පාසල් පරිශ්‍රයේදී නොමිලේ ලබාදෙන බවද එම වැඩසටහන එකකුත් දා කොළඹ මෝදර ප්‍රදේශයේ පිහිටි පාසලකින් ආරම්භ කළ බව ද සින්ගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ මන්ජු නිශ්ශංක මහතා කොළඹදී අද පැවති ප්‍රවෘත්තැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ අනුව මෝදර ප්‍රදේශයේ පිහිටි සිසුන් 126 දෙනෙකු සිටින පාසලක දරුවන් සියලු දෙනාටම එම සංවිධාන ඒකාබද්ධව නොමිලේ දිවා ආහාරය ලබාදෙන බවද එහිදී මංජු නිශ්ශංක මහතා සඳහන් කළේය.

රට පුරා පාසල් 5000ක පමණ ඉගෙනුම ලබන ලක්ෂ දහයක් පමණ දරුවන් මේ වන විට දැඩි ලෙස ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටින අතර ආහාර නොමැති නිසා පාසල් වලට පැමිණීම අඩු වෙමින් පවතින බව අනාවරණය වී ඇතැයිද එහි දී නිශ්ශංක මහතා සඳහන් කළේය.

ආහාර අනාරක්ෂිතභාවය ට පත් ව සිටින දරුවන්ට ආහාර ලබා දීම ස්වභාව තම සංවිධාන සමඟ එක්වන ලෙස රටේ ධනපදානපතියන් ට සහ පරිත්‍යාගශීලීන් ට ආරාධනා කරන බවද මංජු නිශ්ශංක මහතා කීය.

එක් දරුවකුට දිවා ආහාරය ලබා දීම සඳහා දිනකට සාමාන්‍යයෙන් රුපියල් 100 ක පමණ මුදලක් වැයවන අතර අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්නේ නම් පාසල්වල දරුවන්ගේ දෙමව්පියන් අවශ්‍ය ආහාර සකස් කර දීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ සර්වෝදය ව්‍යාපාරය සභාපති වෛද්‍ය වින්ද්‍යා ආරියරත්න මහතා ප්‍රකාශ කළේ තම සංවිධානය සිදු සිදු කරන ප්‍රජා සත්කාරක සඳහා එක්වන්නැයි පරිත්‍යාගශීලීන් ට ආරාධනා කරන බවයි.

තම සංවිධාන දැනටමත් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන මගින් අසරණ පවුල් වෙනුවෙන් දිවා ආහාර ලබාදීමේ වැඩසටහනක් දියත් කරන බවද ආරියරත්න මහතා කීය.

මෙම සමාජ සත්කාරයට සහභාගි වීමට කැමැත්තක් දක්වන්නන්ට www.slcrisisresponse.com ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද හෙතෙම කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version