මුල් පිටුව special ප්‍රියංකා ජයසේකර මන්ත්‍රිනියගේ තවත් මගඩියක් ගැන මුරුත්තෙට්ටුවේ හිමිගෙන් හෙළිදරව්වක්

ප්‍රියංකා ජයසේකර මන්ත්‍රිනියගේ තවත් මගඩියක් ගැන මුරුත්තෙට්ටුවේ හිමිගෙන් හෙළිදරව්වක්

0

තමා සතු V8 වර්ගයේ ජිප් රථය ගෙනගොස් හොර රහසේ විකුණා මුදල් නොදුන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර විසින් අනුන්ගේ ඉඩම්වල ‘හොර ඔප්පු සහ හොර චෙක්’ දුන් බවත් ඒ සියල්ල නීතිය හමුවට ගෙනගොස් සාක්ෂි සහිතව හෙළිදරව් කරන බවත් නාරාහෙන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේට අයත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් ඇති ජීප්රථය ගෙනගොස් රහසේ විකුණාගත් බවට මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමෙන් පසුව ප්‍රියංකා ජයසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේවෙතත් ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය විසින් කරන ලද තවත් නීතිවිරෝධී වංචනික ක්‍රියා ගණනාවක් පිළිබඳ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අනාවරණයේ කළේ මෙසේ ද චෝදනා කරමිනි. “කොටින්ම කියනවා නම් ඒ ගෑනි හිඟන්නියක්. ලංකාවටම ණයයි. මම ඔප්පු කරනවා එයාගේ ඒවා ඔක්කොම.” යනුවෙනි.

ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය කරන ලද සෙසු නීතිවිරෝධී ක්‍රියා කිහිපයක් පිළිබඳ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ අනාවරණය කළහ.

“මම ව්‍යාපාර කරන පුද්ගලයෙක් නෙමෙයි මගේ දායකයො ඉන්නවා මට සලකන්න. මම ආශ්‍රය කරන හිතමිත්‍ර හැමකෙනාම හොයාබලා කටයුතු කරනවා. 1976 ඉඳන් මේ මොහොත දක්වා කළේ මහජන ව්‍යාපාර. මහජනයා වෙනුවෙන් මං කැපවෙලා වැඩ කරා 76 ඉඳලා.

රිවිර පත්තරේ වැටිලා තිබුනා. ඒ වැටිච්ච වෙලාවෙදි මං ඇසුරු මිතුරු කරන මාධ්‍ය දරුවෝ ඇවිල්ලා කතා කරලා කිව්වා අනේ දැං මේ රිවිර වහන්න ගියොත් එහෙම අපේ රස්සාවත් නැති වෙනවා හාමුදුරුවනේ මොකක් හරි උදව්වක් කරන්න බැරිද කියලා. අද ඒගොල්ලො ඉන්නවා ඔබතුමාලට හොඳට දැනගන්න පුළුවන් ඒගොල්ලන්ගෙන්. පසුව මම මේ මන්ත්‍රීවරිය හැමවෙලේම කයිවාරු ගගහ මහා ධනපතියෙක් වගේ පෙන්නුව නිසා මම කිව්වා මෙන්න මේ දැන් හොඳ එකක් තියෙනවා පත්තරේ අරන් කරන්න කියලා. අනේ බොහොම හොඳයි කියලා බාර ගත්තා. ඒක එතුමිය බාර අරන් ඔෆිස් එකක්ද කොහෙද අරගෙන බත්තරමුල්ල පැත්තේ මේක කලා. එතන කුලිය ගෙවන්නෙ නැතුව ඒක එතනින් වහන සිද්ධ වුණා. අන්තිමේදී ඒ ළමයින්ට පඩි ගෙව්වෙත් නෑ මෙතුමිය. ඒගොල්ලො ගියා කම්කරු උසාවිය හරහාත් ගියා. මේ තියෙන්නෙ හොර චෙක් දුන්නු ඒවා. (ලියවිලි පෙන්වමින්) ඔක්කොම කියවන්න මේවා.

එතුමිය අනුන්ගේ ඔප්පු මට ගෙනත් දුන්නා හොර ඔප්පු. මාබොලෙන් ගෙයක් දුන්නා. මිනුවන්ගොඩින් ගෙයක් දුන්නා. අන්තිමට ගිහින් බැලුවා අපි ඔක්කොම අනුන්ගේ. හොර ඔප්පු.

මේ වාහනය මා ළඟ තියෙන ලඟ තියෙනකොට ජපානයේ දායිකාවක්. ඇය මට කිව්වා ඔබ වහන්සේට වාහනයක් පුජ කරන්න කැමතියි, කැමති වාහනයක් මං දෙන්නං කියල කිව්වා. මං වාහනයක් ගත්තා. ඒ වාහනය ගත්තෙ මට ඕන කමකට නෙමෙයි මට වාහන දෙකක් අවශ්‍ය නෑ. මේක වාහනයක් මට දීගන්න බැරුව ඉන්නකොට මෙතුමිය වාහනයක් දෙන්නං කිවුවහම මම එක ගත්තා. එතකොට මගෙන් ලියුමක් අරන් ගිහින් පේපර් ටිකක් ගත්තා. එතකොට ජපානෙන් මේ වාහනය ගත්තාම බැලුවා ටැක්ස් ලංකාවේ. ලොකු ටැක්ස් එකක් ගහන්න ඕන කිව්වා. මං කිව්වා මට වාහන ගන්න අවශ්‍ය නෑ කියලා මං ඒ වාහනේ ගත්තෙ නෑ. නමුත් මෙතුමිය මේ වාහනේ හොර චෙක් දීලා එක සතයක්වත් ගෙවන්නේ නැතුව , එක සතයක් වත් බැංකුවේ නෑ ඒවා අදත් මා ළඟ තියෙනවා. හොර ඔප්පු දුන්නා හොර check දුන්නා. ඊළඟට දිවුරුම් පෙත්සම් දුන්නා.

මේ එක තැනක මං කියවන්න මේක..’මාගේ සේවාලාභී විසින් එකී වාහනය රුපියල් රු.308 ලක්ෂයකට විකුණා ඇති නමුත්, එකී මුදල වහන්සේට ලබා නොදුන් බව මාගේ සේවාලාභී කියා සිටී.’ සේවාලාභී කියන්නේ කවුද ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය . ‘මෙතෙක් ඔබ වෙත එකී මුදල ගෙවීමට නොහැකි වූයේ මාගේ සේවාලාභී විසින් කරන ලද රිවිර පුවත්පතට යෙදූ මුදල් මේ වන තෙක් මාගේ සේවාලාභියා වෙත නොලැබී යාම නිසාය.’ මේක පට්ටපල් බොරුවක්. එයා වියදම් කරේ නෑ. ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව ඔක්කොම ලියවිලි මං ළඟ තියෙනවා. එයාගෙ අත්සනින් තියෙන ඒවා මං ළඟ තියෙනවා. අන්තිමේදී කිව්වේ මොකක්ද? දෙන්න මුදල් නැත කියලා. පොලීසියෙන් කිව්වෙ මොකක්ද එහෙනම් ගේ බද්දට දෙන්න හාමුදුරුවන්ට කියලා. ඒ පාර ගේ ගන්න ගිහාම ගේ වටිනාකම කෝටි නවයක් වෙනවා. බැංකුවට ගේ තියලා.

මේ කරපු නින්දිත පහත් අධම ක්‍රියාදාමයට එරෙහිව මට කරන්න පුළුවන් සෑම නීතිමය පියවරක් ම මං ගන්නවා. දැනුත් එතුමිය ඇප පිට ඉන්නේ. ඒ නිසා මම නීතිමය පැත්තෙන් ඒ තීන්දුව ගන්නවා. මට විතරක් නෙමෙයි එතුමිය මෙහෙම කරලා තියෙන්නේ. ලංකාවටම ණයයි. දැන් මහා පුරසාරම් දෙඩුවාට ඔක්කොටම ණයයි. කොටින්ම කියනවා නම් ඒ ගෑනි හිඟන්නියක්. ඒ ගෑනි සත පහක් දීල නෑ මහින්ද මහත්තයාගේ උත්සවයකටවත්. ඔක්කොම බොරු. සම්පූර්ණ රටටම බොරුකාරියෙක් වෙලා තියෙන්නේ. මං එයාට අභියෝග කරනවා, මම ඔප්පු කරනවා එයාගේ ඔක්කොම.” යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version