මුල් පිටුව උණුසුම් පුවත් කැලණි සරසවි මහාචාර්යවරුන් 4ක් ලෝකයේ හොඳම විද්‍යාඥයින් අතරට

කැලණි සරසවි මහාචාර්යවරුන් 4ක් ලෝකයේ හොඳම විද්‍යාඥයින් අතරට

0

ලෝකයේ හොඳම විද්‍යාඥයින් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් සිව්දෙනකු තේරී තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පරපෝෂවේද අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාදනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයින්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදය ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මඟින් සිදුකරන ලද විශ්ලේෂණයක් මගින් මෙම තෝරා ගැනීම සිදුකර තිබේ.

එය අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයන් 2% අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ එම මහාචාර්යවරුන් සිව්දෙනා තේරී තිබේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version