මුල් පිටුව special රුසියාවෙන් ඊශ්‍රායලයටත් අනතුරු ඇඟවීම්

රුසියාවෙන් ඊශ්‍රායලයටත් අනතුරු ඇඟවීම්

0

යුක්‍රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් රුසියාව විසින් අනතුරු ඇඟවීමක් ඊශ්‍රායලයට සිදුකර තිබේ.

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් විසින් ඊශ්‍රායලයට මෙලෙස අද දින අනතුරු අඟවා තිබේ.

“ඊශ්‍රායලය විසින් කීව් තන්ත්‍රයට ආයුධ සැපයීමට සැලසුම් කරන බව පෙනේ. එයා ඉතාම නොසැලකිලිමත් පියවරක්. එය අපගේ රටවල් අතර ඇති සියලුම අන්තර් රාජ්‍ය සබඳතා විනාශ කරනු ඇත,” යනුවෙන් මෙද්වදෙව් ටෙලිග්‍රෑම් වෙත පළකිරීමක් කරමින් පැවසීය.

මේ අතර යුක්‍රේනයට අවශ්‍ය කරනු ලබන යුධමය ආධාර ලබා දීමට කටයුතු කරන බවට ඊශ්‍රායලයේ හමුදා ප්‍රතිපත්ති ඇතුළත් නොවන ඊශ්‍රායලයේ ඩයස්පෝරා කටයුතු පිළිබඳ අමාත්‍ය නච්මන් ශායි ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේය.

“අද උදෑසන ඉරානය රුසියාවට බැලස්ටික් මිසයිල මාරු කරන බව වාර්තා විය. මෙම ලේ වැකි ගැටුමේදී ඊශ්‍රායලය කොතැනක සිටිය යුතුද යන්න තවදුරටත් සැකයක් නැත. එක්සත් ජනපදය සහ නේටෝ රටවල් මෙන් යුක්රේනයට ද හමුදා ආධාර ලැබිය යුතු කාලය පැමිණ තිබේ. සපයන්න,” ඔහු සිය ට්ටවිටර් සටහනේ පැවසීය.

කෙසේ වෙතත් ඊශ්‍රායලය නිල වශයෙන් යුක්‍රේනය ආක්‍රමණය හෙළා දැක යුක්රේනයට නිතිපතා ආධාර යවා ඇතත්, එරට තවමත් කියෙව් වෙත කිසිදු ආයුධයක් යවා නැති අතර රුසියාව විවේචනය කිරීමේදී වඩා බලවත් නොවීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version