මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදි-ආදායම් රටක් විදියට තියේවි – IMF

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි-ආදායම් රටක් විදියට තියේවි – IMF

0

දළ දේශීය නිෂ්පාදිතය අඩුවීමක් සිදුවුවද ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි පවසයි.

ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික දැක්ම පිළිබඳ IMF මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය, IMF හි වැඩසටහන් කාලසටහන සහ ශ්‍රී ලංකාවට අඩු ආදායම්ලාභී තත්ත්වයට පහත හෙළීම කළ හැකිද යන ප්‍රශ්නවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් මෙහිදී පිළිතුරු දුන්නේය.

“ඉතින් ඔබ කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේ ගැන අපි ඉතා කනස්සල්ලෙන් පසුවන්නේ. ඒ වගේම දුක්ඛිතභාවය, විශේෂයෙන්ම දුප්පතුන්ගේ සහ අවදානමට ලක්වූවන්ගේ දුක් වේදනා නිමා කිරීමට ඉතා වේගයෙන් කටයුතු කිරීමට අපට හැකි වනු ඇතැයි අපි හැමෝම බලාපොරොත්තු වෙනවා.

අපි මේ වසරේ සැප්තැම්බර් 1 වන දින සිව් අවුරුදු EFF වැඩසටහනක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, මෙම වැඩසටහනේ මූලික මුදල් ලබා දීම සිදු කරනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව පමණයි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට, එරට බලධාරීන් දැනටමත් වැඩ කරමින් සිටින ඇතැම් පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට පූර්ව කොන්දේසියක් වනු ඇති. වඩාත්ම වැදගත් දේ වන්නේ, මෙතෙක් පවතින ණය තත්ත්වයට විසඳුමක් කරා ළඟා වීම මතයි.

ණය සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියට කාලය ගතවන බැවින් කාල නියමයක් පුරෝකථනය කිරීම අපහසුයි. මෙම කාලසීමාවන් මොනවාද? ණයහිමියන් කවුද සහ සම්බන්ධ වන්නේ කුමක්ද? යන්න මත පදනම්ව වෙනස් වෙනවා. අපි නිසැකවම අපට හැකි පමණින් ක්‍රියාවලියට සහාය දෙනවා. ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම කෙනෙකුටම කඩිනමින් ක්‍රියා කළ හැකි යැයි අපි බලාපොරොත්තු වන අතර, සම්බන්ධ වී සිටින සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහාය ඇතිව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ තතත්වය පහතහෙළීමක් විය හැකි වෙනත් ප්‍රශ්න තිබුණා. අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් සම්බන්ධයෙන්, අපි ශ්‍රී ලංකාව සඳහා වන වැඩසටහන් සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව මම කියන්නට කැමතියි. එම වැඩසටහන් මූල්‍ය පරතරය පියවා ගැනීමට උපකාරී වනු ඇති. නමුත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන වර්ධනය වන ගැටළු විසඳීම සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන්ට ඇති ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රවීණතා ක්ෂේත්‍ර ද මෙහිදී ඉතා වැදගත් ලෙස පැවසීමට මට අවශ්‍යයි.

පහත හෙළීම සම්බන්ධයෙන් මට කිව හැක්කේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වන අතර අප දකින දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීම මධ්‍යයේ වුවද මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇති බවයි. EFF සහනයක් නොවේ. එය සාමාන්‍ය IMF පහසුකමක්.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version