මුල් පිටුව උණුසුම් පුවත් වරකාපොල නායයාමෙන් පස් අතර සිරවුණු මවත් පුතාත් මියගිහින්

වරකාපොල නායයාමෙන් පස් අතර සිරවුණු මවත් පුතාත් මියගිහින්

0

අධික වර්ෂාව හේතුවෙන් වරකාපොල තේවත්ත තුඹල්යැද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පස් අතර සිරවී සිටි මවගේත් පුතාගේත් සිරුරු හමුවී ඇත.

එම පස් කන්ද ඊයේ සවස කඩා වැටුණු අතර දෙමහල් නිවස මුළුමනින්ම පස් කන්දට යටවී තිබුණි.

එම අවස්ථාවේ නිවසේ රැදි සිට ඇත්තේ නිවෙස් හිමි පියාත් මවත් එක් පුතෙකුත් පමණි. මෙම පවුලේ බාල පුතා උපකාරක පංතියකට ගොස් සිටි බැවින් දිවි බේරී ඇතැයි වරකපොල පොලීසිය කියයි.

මෙහිදී පස් කන්දට යටවී සිටි නිවෙස් හිමි පියා වන ජී. ප්‍රේමසිරිගේ ජීවිතය බේරා ගැනීමට පස් අතර සිරවී සිටි මෙම පවුලේ සාමාජිකයන් සොයා මෙහෙයුමක නිරතව සිටි යුද හමුදා භට කණ්ඩායම සමත් විය. පනස් වියැති මවගේ සහ විසි හතර වියැති ජී. ඩිල්ශාන් නැමැති පුතාගේ දිවි බේරා ගැනීමට යුද හමුදා භට කණ්ඩායම් දැඩි වෙහෙසක නිරතවූවත් පස් අතර සිරවී සිටි ඔවුන් දෙදෙනාව සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූ බව පොලීසිය කියයි. ඔවුන් දෙදෙනා සිරවී සිටි තැන හදුනා ගන්නා විටත් ඔවුන් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version