මුල් පිටුව උණුසුම් පුවත් ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

0

ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතරට තේරීපත්ව තිබේ.

CONDÉ NAST TRAVELLER විසින් මේ වසරේ දී පාඨක තේරීම මත කරන ලද ලැයිස්තුගත කිරීමට අනුව ලොව 9 වැනි මිත්‍රශීලීම ලෙස ශ්‍රී ලංකාව සම්මානිත වී ඇත.

මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ, “ ඔබට ලොව පුරා සංචාරය කළ හැකි නමුත්, නිවස තරම් පිළිගැනීමක් ඔබට කිසිදාක සොයාගත නොහැකි යැයි කීවත් එය සත්‍යයක් යැයි අපි හිතන්නෙ නෑ. මොකද ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිට නවසීලන්තයේ විවෘත ජනගහනය දක්වා, අපගේ මිහිතලය, අතිශය මිත්‍රශීලී රටවල් කිහිපයක නිවහන වී තිතිබෙනවා”

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේදී වඩාත් මිත්‍රශීලී රටවල් සඳහා මහජන ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල ප්‍රකාශ කරමින් එම ආයතනය ශ්‍රී ලංකාව පිළිබදව මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාවේ ළමයින්ගේ සිට මහලු අය දක්වා මිනිසුන් අමුත්තන්ට ඇති ආදරය සහ උපකාර කිරීමට ඇති අවංක ආශාව සඳහා ප්‍රසිද්ධයි. දකුණු වෙරළ තීරයේ, මිරිස්සේ තල්මසුන් නැරඹීමේ ගවේෂණ චාරිකාවක යාත්‍රා කරන්න, ගාල්ල කොටුව නගරයේ වර්ණවත් සාප්පු අතර සවාරි යන්න. සාගරයට යාබද හෝටලයකට පැමිණෙන්න. අවිනිශ්චිත වංගු සහිත මාර්ග ඔබව රටේ හදවත බඳු තේ වතු සහිත සුන්දර මධ්‍යම කඳුකරයේ කඳු නැඟයන්න. නැතහොත්, දුර ඈත දර්ශන දකින්න සීගිරි පර්වතය තරණය කරන්න.”

ලෝකයේ මිත්‍රශීලීම රටවල් -2022
1. ප්‍රංශ පොලිනීසියාව
2. කොලොම්බියාව
3. නවසීලන්තය
4. තායිලන්තය
5. කොස්ටාරිකාව
6. බොට්ස්වානා
7. පේරු
8. බෙලීස්
9. ශ්‍රී ලංකාව
10. පිලිපීනය

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version