මුල් පිටුව උණුසුම් පුවත් මන්ත්‍රී පාඨලීගේ වට්සැප් දත්ත ගත්තාට රහස් පොලිස් අධ්‍යක්ෂව කැඳවයි

මන්ත්‍රී පාඨලීගේ වට්සැප් දත්ත ගත්තාට රහස් පොලිස් අධ්‍යක්ෂව කැඳවයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ‘වට්ස්ඇප්’ දුරකථන ඇමතුම් පිළිබද දත්ත රහස් පොලීසිය විසින් නෛතික අවසරයකින් තොරව ලබා ගැනීමට අදාළ පැමිණිල්ලේ ඉදිරි කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලබන 18 වැනිදා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැදවන ලෙස නියෝග කර තිබේ.

මෙමගින් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමට අදාළව සිදුකර තිබූ පැමිණිල්ල පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමුවූ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේ එම අමාත්‍යාංශයේ සිදුවූ මූල්‍ය අවභාවිතාවක් පිළිබද සිදුකරන පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දත්ත ලබා ගෙන ඇතිබව ද මෙහිදී සදහන් වී ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී මෙම සිදුවීමට අදාළ විමර්ෂණ කටයුතු සිදුවිය.

රජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, තලතා අතුකෝරාළ, කෝකිලා ගුණවර්ධන සහ වීරසුමන වීරසිංහ යන කාරක සභා සාමාජික මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version