මුල් පිටුව උණුසුම් පුවත් කැලණිවැලි දුම්රිය මඟ‍ේ කොටසක් වැසේ

කැලණිවැලි දුම්රිය මඟ‍ේ කොටසක් වැසේ

0

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටස වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බවයි.

මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණයි.

කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග කොටසේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version