සනීපාරක්ෂක තුවා දේශීයව නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍යවන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් ආනයනයේදී පැනවූ බදු සියල්ල රජය විසින් ඉවත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මෙම බදු සහනය සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50 – 60ක මිලකින් අඩුවීමට නියමිත බව මෙම බදු අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කරයි. උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වන බවද සඳහන්ය.
මෙයට අමතරව ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිත බව එහි සඳහන්ය.
ජනාධිපතිවරයා විසින් අදාළ බදු සහනය ලබාදීම පිළිබඳ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, නිෂ්පාදකයින් එම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබාගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙල ද මේ වනවිට සකස් කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව රේගු ආනයනය මත 15%ක රේගු ආනයනය බද්ද 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය 5ක් ආනයනය කිරීමේ දී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේ දී ඉවත් කර ඇත.
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශූන්‍ය අනුපාතයක් ලබාදී තිබේ.
නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශූන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමිවේ.
එම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබාදෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.