මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ඉඳන් සති අන්තේ නුවර දුවන යකඩ යකා

කොළඹ ඉඳන් සති අන්තේ නුවර දුවන යකඩ යකා

0

කොළඹ කොටුව සිට මහනුවර දක්වා සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ගමන් ආරම්භ කිරීම හෙට සිට සෑම සති අන්තයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

සති අන්තයේ මහනුවර නගරයට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් නව දුම්රිය ධාවනයට ඒක් කොට ඇති අතර කොළඹ කොටුවෙන් මෙම දුම්රිය පෙරවරු 06.30ට ගමන් ආරම්භ කිරීමට නියමිතය.

ගම්පහ, වේයන්ගොඩ,පේරාදෙණිය, සරසවි උයන හා මහනුවර යන දුම්රිය ස්ථානවල නතර කරන මෙම විශේෂ දුම්රිය පෙරවරු 09.03ට පේරාදෙණියට ළගා වන අතර මහනුවර දුම්රිය ස්ථානයට ළගා වන්නේ පෙරවරු 09.18ටය.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හා මහනුවර ශ්‍රී දළදා මාලිගාව කරා පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගත් මෙම විශේෂ දුම්රිය ඒදිනම පස්වරු 04.50ට මහනුවරින් පිටත් වේ.

සරසවි උයන, පේරාදෙණිය, වේයන්ගොඩ, ගම්පහ සහ කොළඹ කොටුව යන දුම්රිය ස්ථානවල නවත්වන මෙම දුම්රිය රාත්‍රී 7.40ට ගමනාත්තය වෙත ළඟා වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී කුමාර ගුණසිංහ මහතා පවසයි.

මෙම දුම්රියේ පළමු පංතියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000ක් වන අතර දෙවන පංතියේ ප්‍රවේශ පත්‍රය රුපියල් 1500ක් බව බව ද ඒ් මහතා සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version