මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට IMF මුදල් ලැබෙන දවස ණය හිමියන්ගේ අතේ

ශ්‍රී ලංකාවට IMF මුදල් ලැබෙන දවස ණය හිමියන්ගේ අතේ

0

මෙරට ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය අනුව ශ්‍රී ලංකාවට දෙන මුදල පිරිනැමෙන දිනය තීරණය කරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එබැවින් එම මුදල් ලබාදීම සඳහා සිය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පෙන්වා දෙයි.

දැනට කාර්ය මණ්ඩල මට්ටමින් අනුමැතිය ලැබී ඇති ඩොලර් බිලියන 2.9 සඳහා මේ වසරේ දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි ශ්‍රී ලංකා රජය අනුමාන කර තිබුණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් නික්කෙයි ඒෂියා වෙබ් අඩවියට ලිඛිතව දන්වා ඇත්තේ, “ණය සහන සාකච්ඡා සඳහා කාලය ගතවන බැවින් නිශ්චිත, කාලරාමුවක් ගැන පැවසීම ඉතා අපහසුයි. ඊට සම්බන්ධ පාර්ශ්ව එම සාකච්ඡා කඩිනම් කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවට ඔවුන් මුහුණදී තිබෙන අර්බුදයෙන් කඩිනමින් මිදිය හැකි” ය යනුවෙනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version