මුල් පිටුව special යුක්‍රේනයේ කොටස් රුසියාවට ඈඳාගැනීමට සූදානම්

යුක්‍රේනයේ කොටස් රුසියාවට ඈඳාගැනීමට සූදානම්

0

රුසියාව විසින් පාලන බලය අල්ලාගත් යුක්‍රේනයට අයත් ප්‍රදේශවල පැවැති ජනමත විචාරණයෙන් පසු එම භූමිය රුසියාවට ඈඳාගැනීමට සුදානිමින් සිටින බවට වාර්තා වේ.

යුක්‍රේනයට අයත් ලුගාන්ස්ක් සහ දන්යෙත්ස්ක් ප්‍රදේශයන් හී මෙම ජනමත විචාරණය පසුගිය දිනවලදී පැවැති අතර එමගින් වැඩි වාසියක් රුසියාවට හිමිව ඇත.

බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයට රුසියානු බටපිරිස් නිවසෙන් නිවසට ගොස් ඡන්දය විමසීම කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බටහිර රාජ්‍යන් විශාල වශයෙන් විවේචනය කර ඇත. මෙම ජනමත විචාරණය ජාත්‍යන්තර නීතියට පටහැනි බවට යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර යුරෝපා කොමිසම විසින් රුසියාවට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමට යොජනා කර ඇති අතර එය මෙතක් රුසියාවට පැනවූ සම්බාධකට වලට සාපේක්ෂව ඉතා සංකීර්ණ බවද එම කොමිසම සඳහන් කරයි.

රුසියාවට එරෙහිව යුරෝපීය කොමිසම විසින් යෝජනා කරන ලද මෙම නව සම්බාධක පැකේජය තෙල් මිල සීමාවක් සඳහා “නීත්‍යානුකූල පදනමක්” සපයනු ඇති බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් බදාදා බ්‍රසල්ස් හි ප්‍රවෘත්ති ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

‟ජී 7 රවල් විසින් දැනටමත් එකඟ වී ඇති තෙල් මිල සීමාව “එක් අයුරකින් රුසියාවේ ආදායම අඩු කිරීමට උපකාරී වනු ඇති අතර අනෙක් පසින් බලශක්ති සඳහා ගෝලීය වෙළඳපොළ ස්ථාවරව තබා ගනු ඇත.” යනුවෙන් ඇය පැවසුවාය.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම ජනමත විචාරණය මත පදනම්ව යුක්‍රේනයෙන් අත්පත් කරගත් ප්‍රදේශ රුසියාවට අයත් ප්‍රදේශ බවට ප්‍රකාශ කිරීමට නියමිත බවද බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version