මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

අද විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

0

රටපුරා අද (27) සිදුකිරීමට සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කර තිබේ.

ඒ නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන ඒකකය අක්‍රිය වීම හේතුවෙනි.

කෙසේවෙතත් හෙට දිනයේ දී පැය දෙකයි විනාඩි 20ක් ලෙසින් යලිත් විදුලි කප්පාදු කාලය අඩු කිරීමට හැකි වෙතැයි මහජන උපයෝගීතා කොමිසම අපේක්ෂා කරයි.

ඒ බලාගාර වෙත ලැබීමට නියමිත ඉන්ධන තොග සැලකිල්ලට ගෙන ය.

අක්‍රිය වී ඇති නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කිරීමට තවත් දින තුනක් 3-5ත් අතර කාලයක් ගත වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version