මුල් පිටුව උණුසුම් පුවත් පින්නවල ‘නයිට් සෆාරි’

පින්නවල ‘නයිට් සෆාරි’

0

පින්නවල සත්ත්ව උද්‍යානය මෙරට ප්‍රථම රාත්‍රී සෆාරි සත්ත්ව උද්‍යානය ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පින්නවල සත්ත්ව උද්‍යානය, ඇත් අතුරු සෙවන ආශ්‍රීතව සිටින ව්‍යාපාරික ප්‍රජාව අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේය.

එහිදී ව්‍යාපාරික ප්‍රජාව විසින් එම කලාපය ආශ්‍රීතව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පින්නවල සතුන් උද්‍යානය හා ඇත් අතුරු සෙවන රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ වන විට එම එම කලාපයේ කටයුතු පස්වරු 05 පමණ වන විට අවසන් වන අතර එම නිසා ව්‍යාපාරික කටයුතු අඩාල වී රජයට දෛනිකව විශාල මුදලක් අහිමි වන බව මෙහිදි අනාවරණය වී ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version