මුල් පිටුව උණුසුම් පුවත් හාල් ඇතුළු ආහාරවලට බැරලෝහ පරීක්ෂණ

හාල් ඇතුළු ආහාරවලට බැරලෝහ පරීක්ෂණ

0

ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියදි පමණක් පරීක්ෂා කළ බවයි.

පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version