මුල් පිටුව උණුසුම් පුවත් ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරයට

ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරයට

0

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version