මුල් පිටුව උණුසුම් පුවත් රැජිණගේ අවමංගල්‍යය රූපවාහිනියෙන් සජීවීව

රැජිණගේ අවමංගල්‍යය රූපවාහිනියෙන් සජීවීව

0

බ්‍රිතාන්‍ය රජ පවුලේ වැඩිම කාලයක් කිරුළ දැරූ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) පස්වරුවේ සිදුකිරීමට නියමිත ය.

එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දේයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ රාත්‍රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ආර්යාව, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සහභාගි විය.

රැජිණගේ අවසන් කටයුතු විශේෂ රාජකීය සම්ප්‍රදායානුකූලව සිදුකෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version