මුල් පිටුව උණුසුම් පුවත් රැජිණගේ අභාවයට අස්ගිරි මහවිහාර පාර්ශවයේ ශෝකය

රැජිණගේ අභාවයට අස්ගිරි මහවිහාර පාර්ශවයේ ශෝකය

0

බකිංහැම් මාලිගයේ නිල නිවේදනය ඔස්සේ දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයට පත් පුවත අසා ශ්‍රී ලංකීය ජනතාව මහත් ශෝකයට පත්වූ බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිති.

අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් නිකුත් කළ එම ශෝක පණිවුඩය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හට්න් (H.E. Sara Halton) මහත්මිය වෙත යොමු කොට තිබේ.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි

මෙරට ජනතාව විසින් බ්‍රිතාන්‍ය රාජකීයන් මහත් ගෞරවයෙන් සලකන අතර කෘෂිකාර්මික යුගයක් බිහි කිරිමට දායක වූ දෙවන එළිසබෙත් රැජිනට එහිදී හිමිවන්නේ විශේෂ ස්ථානයක් යැයි එම නිවේදනයේ සඳහන්ය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රම අතර වික්ටෝරියා ජලාශය ඉදිකිරීම මගින් වගා ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් ඵලදායි තත්ත්වයට පත් වී තිබේ.

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශික සබඳතා සඳහා දිගු ඉතිහාසයක් පවතින බවත් නවීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නැංවීම සඳහා මහ රැජිණගේ ශ්‍රේෂ්ඨත්වය මහෝපකාරීවූ බව එම නිවේදනයේ සඳහන් වේ.

වර්ෂ 1954දී සහ 1981දී රැජිණ මෙරට කළ සංචාරවලදී ශ්‍රී දළදා මාලිගාවට පැමිණීම සිහිපත් වන බව සඳහන් කරන මහා නායක හිමියන් මෙම ශෝක ජනක මොහොතේ තෙවන චාල්ස් රජු ඇතලු මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයින්ට සහ මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට බලවත් සංවේගය අපි පළ කොට සිටින බව එම නිවේදනයේ මහා නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version