මුල් පිටුව උණුසුම් පුවත් මාපිය අඬදබර උසස් පෙළ සිසුවාට දිවි අහිමි කරයි

මාපිය අඬදබර උසස් පෙළ සිසුවාට දිවි අහිමි කරයි

0

සිය පියා බීමත්ව සිය මව සමඟ නිතර අඩදබර කර ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් උසස් පෙළ සිසුවෙක් සිය දිවා හානිකර ගෙන ඇත.

මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ ගලපිටමඩ කිවුල්දෙණියේ පදිංචිව සිටි නිලංග බණ්ඩාර නැමැති උසස් පෙළ සිසුවාය.

මෙම සිසුවාට බාල හෝදරයෙක්ද සිටී. පියා ගස් කැපීම රැකියාව ලෙසකරන අයෙක් බවත් මව තේ දළු කැඩීම ඇතුළු වතුවල රැකියාවේ නිරතව සිටින තැනැත්තියක් බවත් පොලිසිය කියයි.

පියා අධික ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටින තැනැත්තෙකි. ඔහු බීමත්ව නිවැසියන් සමඟ නිතර අඩදබරකර ගන්නා බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලිදි ඇති බවත් පොලීසිය විසින් ඒ සෑම අවස්ථාවකදීම අවවාද කිරීමෙන් පසු දින කිහිපයක් ඔහු හොදින් සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පසුගිය 16 වෙනිදා රාත්‍රී කාලයේදීද සිසුවාගේ පියා බීමත්ම නිවසට පැමිණ මව සමඟ දබරයක් ඇතිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. එහිදී දෙදෙනා ගැටී ඇති බවත් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඒ ගැන පැමිණිල්ලක්ද ලැබි තිබෙන බවත් පොලීසිය කියයි.

මෙම ගැටුම ඇතිවන විට සිසුවාගේ සහෝදරයා නිවසේ සිට නැත. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් කළ දැනුම් දීමට අනුව ගලපිටමඩ පොලීසියේ නිලදාරීන් එහි පැමිණ ඇති අතර ඒ වන විට මවත් පියාත් දෙදෙනාම නිවසේ සිට නැත. සිට ඇත්තේ සිසුවා පමණි. ඒ අනුව පොලීසිය සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන්කරගෙන ගොස් ඇත. පසුගිද අලුයම පොලීසියට දැන ගන්නට ලැබි ඇත්තේ එම සිසුවා නිවසේ කාමරයක බාල්ලකයේ එල්ලී සිය දිවි හානිකරගෙන ඇති බවය.

ඒ වන විටත් මවත් පියාත් නිවසේ සිට නැති අතර පොලීසියට පියාව හමුවී ඇත්තේ රුවන්වැල්ලේ බස් නැවතුම්පොලක වැටී සිටියදීය.

පොලීසිය පවසන්නේ දෙමාපියන්ගේ අඩදබරය මෙසේ රටේ අනාගතය භාරගැනීමට සිටි දරුවෙකුට සිය ජීවිතය අහිමි කළත් දරුවන්ද මෙවැනි දේවලින් සිය ජීවිතය නැති කර ගැනීමේ මෝඩ තීරණ නොගත යුතු බවය. එබැවින් එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා වෙනුවට මෙවන් තීරණ නොගත යුතු බව පොලීසිය දරුවන්ගෙන් ඉල්ලිමක්ද කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version