මුල් පිටුව උණුසුම් පුවත් පාසල් සිසුන්ට දෙන්න චීනයෙන් ආධාරයක්

පාසල් සිසුන්ට දෙන්න චීනයෙන් ආධාරයක්

1

පාසල් සිසුන් දසලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය.

එම සහල් තොගය මෙරටට නිල වශයෙන් භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවූ අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති කී සෙන්හොංග් එක්විය.

ගනේශ් වීදියබණ්ඩාර

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version