මුල් පිටුව දේශීය පුවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනි ත් චින්තක වැඩ භාරගනී

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනි ත් චින්තක වැඩ භාරගනී

0

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද වැඩ භාරගනු ලැබීය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.

දිනිත් චින්තක කරුණාරත්න මහතා ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලංකාදීප පුවත්පතේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස සේවයකර ඇති මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇතුළ පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් සම කර්තෘ ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක හසල අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීයකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කැලණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධරයකි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ශාන්ත මොනිකා විද්‍යායතනයේ සන්නිවේදනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු ද වන කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීයව ද පුළුල් පරිචයක් ලබා ඇත.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ද එක්ව සිටියහ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version