මුල් පිටුව උණුසුම් පුවත් දැනට ඇති සියලු තිරිගු පිටි තොග මුදාහරින්නැයි සමාගම්වලට නියෝගයක්

දැනට ඇති සියලු තිරිගු පිටි තොග මුදාහරින්නැයි සමාගම්වලට නියෝගයක්

0

සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් සතුව දැනට පවතින තිරිගු පිටි තොග වෙළඳපලට මුදාහරින ලෙස අද (27) දිනයේදී ලිඛිත ඉල්ලීමක් කරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

තිරිගු පිටි නිෂ්පාදන මිල ගණන් සහ ධාරිතාවන් පිළීබඳ තිරිගු පිටි ආනයනකරුවන්ගෙන් වාර්තාවක් ලබාගන්නා ලෙසද වෙළඳ අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම පවතින තිරිගු පිටි හිගයත් සමග කිලෝ ග්‍රෑම් 50 තිරිගු පිටි මිටියක මිල මේවනවිට රුපියල් 20,000 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව හරහා තිරිගු පිටි ආනයනය නතර වීම මෙම තත්ත්වයට බලපා ඇති බව ඔහු සඳහන් කළේය.

මේවනවිට තුර්කිය හරහා තිරිගුපිටි ගෙන්වනු ලබන අතර ඒ සඳහා සති 02 ක පමණ කාලයක් ගතවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version