මුල් පිටුව උණුසුම් පුවත් කෙරවලපිටියේ ගින්න මඬින්න ගුවන් හමුදා මෙහෙයුමක්

කෙරවලපිටියේ ගින්න මඬින්න ගුවන් හමුදා මෙහෙයුමක්

0

මුතුරාජවෙල කෙරවලපිටිය වගුරුබිමි ආශ්‍රිත ප්‍රදේශයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිම්න් ගිනි නිවීමේ මෙහෙයුමක් අද දින (26) දියත් කරන ලදි.

අපදා කළමණාකරන අමාත්‍යාංශය විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිම්න් අවස්ථා 12 ක දි පමණ බමිඛි බකට් අධාරයෙන් ගින්න ඇතිවු ස්ථානයට ජලය හෙලිමට කටයුතු කළේය.

ඩ්‍රෝන යානා යොදාගනිමින් ගින්න පිළිබද නිරීක්ෂණය කිරීමේ කටයුතු ද ගුවන් හමුදාව ව්සින් සිදුකර ඇත.

මෙම මෙහෙයුම සදහා ගොඩබිමින් ද සහය දක්වමින් ගුවන් හමුදා ගිනි නිවිමේ රථ හා ගිනි නිවීමේ භටයන් යොගනිමින් ගින්න මැඩපැවැත්විම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව දැඩි පරිශ්‍රමයක් කටයුතු කර ගින්න පාලනය කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version