මුල් පිටුව උණුසුම් පුවත් උමංදාවට පහරදුන් 36ක් අල්ලයි

උමංදාවට පහරදුන් 36ක් අල්ලයි

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ව සොයා කුරුණෑගල පන්සියගම පිහිටි උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයට ඉකුත් මැයි 10 වෙනිදා කඩාවැදී කලහාකාරී ලෙස හැසිරෙමින් එහි දේපොලවලට පහරදී හානි කළායැයි කියන 36 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේය. එක් අයෙක් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් පසුගිය දින කිහිපය තුළ කළ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ය.

පොලීසිය පවසන්නේ උමංදාවට පහරදීම් සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version