මුල් පිටුව COVID ජනතාවට කොවිඩ් ගානක්වත් නෑ – ව්‍යාප්තිය දරුණු වෙයි

ජනතාවට කොවිඩ් ගානක්වත් නෑ – ව්‍යාප්තිය දරුණු වෙයි

0

ජනතාව රට තුළ පවතින කොවිඩ් තත්ත්වය නොසලකා හැර ඇති බැවින්, භයානක වෛරසය මේ වන විට බිම් මට්ටමේ සිට පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ එන්නත් වැඩසටහන මගින් ඇති කරන ප්‍රතිශක්තිය හේතුවෙන් රෝගය යම් ප්‍රමාණයකට පාලනය වී තිබුණද ඕනෑම මොහොතක ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මේවනවිට ග්‍රාමීය ප්‍රදේශවලින් උණ වාර්තා වූ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් කොවිඩ්-ධනාත්මක රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version