මුල් පිටුව උණුසුම් පුවත් පෙට්‍රල් – ඩීසල් – බොරතෙල් එන දවස්

පෙට්‍රල් – ඩීසල් – බොරතෙල් එන දවස්

0
fuel

ඉදිරි දිනවලට අවශ්‍ය ඉන්ධන තොග පැමිණීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබේ.

ඒ අනුව, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.

2 වැනි බොරතෙල් නෞකාව අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

ඔටෝ ඩීසල් නැවක් ලබන 25-26 අතර දිනවල දී මෙරටට පැමිණීමට නියමිතය.

92 වර්ගයේ පෙට්‍රල් නැවක් ලබන 27-29 දින පැමිණීමට නියමිතව තිබේ.

භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලද බවද අමාත්‍යවරයා කියා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version