මුල් පිටුව උණුසුම් පුවත් සපුගස්කන්ද පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් වැඩ අරඹයි

සපුගස්කන්ද පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් වැඩ අරඹයි

0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මකවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ වනවිට ගොඩබාමින් පවතින බවයි.

තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත බවයි.

ගුවන්යානා ඉන්ධන තොගයක් අද(20) රාත්‍රියේ ගොඩබෑමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version