මුල් පිටුව උණුසුම් පුවත් අරලියගහ මන්දිරයට කඩාවැදී හානි කළ 50 කගේ තතු ඉල්ලයි

අරලියගහ මන්දිරයට කඩාවැදී හානි කළ 50 කගේ තතු ඉල්ලයි

0

අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට අලාභහානි සිදුකළ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

2022.07.09 වන දින සිදුවු මෙම සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දකුණ කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදු කරමින් පවති.

ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මහජන සහය පතයි.

ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක

011-2421867
076-3477342
1997 (Hotline)

සැකකරුවන්ගේ ඡායාරූප 50 ක් පහතින් දක්වා ඇත.



සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version