මුල් පිටුව උණුසුම් පුවත් නව කැබිනෙට්ටුව ලබන සතියේ

නව කැබිනෙට්ටුව ලබන සතියේ

0

දැනට පවතින කැබිනට් මණ්ඩලය වෙනුවට සර්ව පාක්ෂික පාලන ආකෘතියේ නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේ අලුතින් දිවුරුම් දීමට යන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික පාලනයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වී තිබෙන අදහස් යෝජනා හා ප්‍රතික්ෂේප කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට යන බව එම නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව කැබිනට් සංශෝධනයක දී අලුතින් ලැබිය යුතු අමාත්‍යධුර සම්බන්ධයෙන් මෙයට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර මන්ත්‍රීවරුන්ගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු තවත් පක්ෂ කිහිපයකට ද, ස්වාධීන පක්ෂ එකමුවට ද මේ සම්බන්ධයෙන් ආරාධනා ලැබී තිබේ.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version