මුල් පිටුව උණුසුම් පුවත් ගෝඨාභය තායිලන්තයට -ස්ථිරව ඉන්න යන තැනක් ගැනත් කියැවෙයි

ගෝඨාභය තායිලන්තයට -ස්ථිරව ඉන්න යන තැනක් ගැනත් කියැවෙයි

0

සිංගප්පුරුවේ රැඳී සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද තායිලන්තයට ගොස් තිබේ.

එරට දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (අගෝස්තු 11) ගොඩබැස ඇති බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්ත ගුවන්තොටුපළට පැමිණි මොහොතේ ඡායාරූප ද රොයිටර් පුවත් සේවය පළ කර තිබුණේ පහත පරිදි ය.

තායිලන්ත බලධාරීන් පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව පමණක් එරට රැඳී සිටින බවත්ය.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයනු ඇති බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා බදාදා ප්‍රකාශ කළ බවට බැංකොක් පෝස්ට් වාර්තා කර ඇත.

‘මෙය මානුෂීය ප්‍රශ්නයක් වන අතර එය තාවකාලික රැඳී සිටීමක් බවට එකඟතාවයක් ඇත’ එරට අගමැති ප්‍රයුත් චාන්-ඕචා ඊයේ වාර්තාකරුවන්ට පැවසීය. තායිලන්තයේ සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී වීමට නොහැකි බව ප්‍රයුත් පැවසීය.

හිටපු ජනපතිගේ තායිලන්ත සංචාරයට ශ්‍රී ලංකා රජය සහාය දුන් බව තායිලන්ත විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි ප්‍රකාශ කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඔහුට දින 90 ක් රැඳී සිටීමට ඉඩ ලබා දෙන බව පැවසීය.

මෙම පුවත රොයිටර් වාර්තා කර තිබූ අයුරු පහතින්

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version