මුල් පිටුව උණුසුම් පුවත් දමිතා- ස්ටාලින්- රැට්ටා ඇතුළු අරගලයේ ප්‍රබලයින් 8ක් ඇප මත මුදාහැරේ

දමිතා- ස්ටාලින්- රැට්ටා ඇතුළු අරගලයේ ප්‍රබලයින් 8ක් ඇප මත මුදාහැරේ

0

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට ඉකුත් මැයි 25 වෙනිදා බාධා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නොතීසියකට අනුව අධිකරණයට අද ඉදිරිපත් වූ අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් 08 දෙනෙකු ශරීර ඇප මත මුදා හැර තිබේ.

සත්‍යවේල් පියතුමා, දමිතා අබේරත්න, ජෝසප් ස්ටාලින් ,රතිඳු සේනාරත්න, ජගත් මනුවරණ ඇතුළු අරගලයේ ක්‍රියාකාරිකයන් 08 දෙනෙක් මෙසේ ඇපමත මුදා හැරිනු ලැබීය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ පොලිස් මාර්ග බාධකයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් සහ බන්ධනාගාර බස් රථයකට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

එහිදී පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් 08 දෙනා ඇපමත මුදා හරින්නේ ලබන නොවැම්බර් 28 වෙනිදාට නඩුව නැවත කැදවීමට නියම කරමිනි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version