මුල් පිටුව COVID කොරෝනා මුලින්ම හමුවූ වූහාන් යළිත් ලොක්ඩවුන්

කොරෝනා මුලින්ම හමුවූ වූහාන් යළිත් ලොක්ඩවුන්

0
FILE - Residents line up to be tested for COVID-19 in Wuhan, central China's Hubei province on Aug. 3, 2021. Two new studies provide more evidence that the coronavirus pandemic originated in a Wuhan, China market where live animals were sold – further bolstering the theory that the virus emerged in the wild rather than escaping from a Chinese lab. The research was published online Tuesday, July 26, 2022, by the journal Science. (Chinatopix via AP, File)

ලෝකය පුරා පැතිර ගිය කොරෝනා වසංගතයේ මුලින්ම වෛරසය හමුවූ බවට සැළකෙන චීනයේ වූහාන් නගරය කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමීමට එහි බලධාරීන් පියවර ගෙනන තිබේ.

චීනය විසින් දැඩි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් යළිත් බරපතළ ව්‍යසන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම උදෙසා මිලියනයකට ආසන්න ජනගහනයක් සිටින වූහාන් මෙලෙස වසා දමා ඇතැයි එරට වාර්තා පවසයි.

ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමෙන් පසු මෙම පියවර ගෙන ඇති අතර ඔවුන්ට රෝග ලක්ෂණ නොතිබුණු බව ද සඳහන් ය.

විනෝදාස්වාද ස්ථාන, තැබෑරුම්, සිනමා ශාලා, කුඩා සායන සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළවල් වසා දමා ඇති අතර ආපනශාලා භෝජන සංග්‍රහ සහ විශාල රැස්වීම්, ප්‍රසංගවල සිට සම්මන්ත්‍රණ අත්හිටුවන ලදී සියලුම ආගමික ස්ථාන වසා දමා ආගමික කටයුතු තහනම් කරන ලදී. රජයේ ප්‍රකාශයකට අනුව උපකාරක ආයතන සහ සංචාරක ආකර්ෂණ ස්ථාන මෙහෙයුම් නතර කර ඇත.

බස් රථවල සිට උමං මාර්ග සේවා දක්වා සියලුම පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, අත්‍යවශ්‍ය නම් මිස දිස්ත්‍රික්කයෙන් පිටව නොයන ලෙස වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වසංගතය ආරම්භක සමයේදී රෝගයය පැතිරීම පාලනය කිරීමට ලොව පළමු වරට කොවිඩ් අගුළු දැමීමක් සිදුවූයේ ද වූහාන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version