මුල් පිටුව දේශීය පුවත් ලංකාවට ආපු නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි

ලංකාවට ආපු නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි

0

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් පැවති ප්‍රභේදයන්ට වඩා දරුණු එකක් යැයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද (23) දින පැවසුවාය.

මෙම නව ප්‍රභේදය කුමක්දැයි ඉදිරි දින කිහිපය තුළ ජනතාව දැනුවත් කරන බව කී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය නව ප්‍රභේදය තරුණ වයසේ පසුවන්නන්ට ද අවදානමක් බව පෙන්වා දුන්නාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව දැනුවත් කළාය.

එහි දී ඇය කළ ප්‍රකාශය මෙසේය.

ඉන්දියාවේ ජනවාරි, පෙබරවාරි ඉතා හොඳ තත්ත්වයක් තිබුණෙ. ලංකාවත් අවුරුද්දට කලින් ඒ වගේ හොඳ තත්ත්වයක් තිබුණා. ඉන්දියාවට ක්‍රිකට් මැච් තිබුණා. ඡන්ද රැස්වීම් තිබුණා. නව ප්‍රභේදය ආවා. දැන් දවසට කී දෙනෙක් මියයනවද කියලා ඔබ දන්නවා.

ලංකාවේ ඒ වගේ තත්ත්වයක් නොවෙන්න වගබලා ගන්න ඕන.

අලුත් අවුරුද්දෙ හැසිරීම් රටාව වගේම අපේ අවාසනාවට ලංකාවට කොරෝනා නව ප්‍රභේදයක් ඇවිත් තිබෙනවා. කලින් තිබුණ ඒවට වඩා වෙනස් විධියට එය ක්‍රියාත්මක වෙනවා.

පළමු රැල්ල දෙවැනි රැල්ල වගේ දැන් මේ තියෙන ප්‍රභේදය කුමක්දැයි අපි ඉදිරි දවස්වල කියනවා.
මෙම නව ප්‍රභේදයෙන් එක් කෙනෙකුගෙන් මේ අවස්ථාවේ පස් හය දෙනෙකුට බෝවෙනවා. ඒ නිසයි තමන් ආරක්ෂා විය යුත්තේ.

දැන් ලංකාවේ කොරෝනාවලට බය නෑ. ඒක සාධාරණයි. රෝග ලක්ෂණ මත කලින් එහෙම හැසිරුණා. මේ අවස්ථාවේ සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ පේනවා. තරුණ අයටත් රෝග ලක්ෂණ මතු කරනවා. තරුණ අයගේ මියයෑම ඉන්දියාවේ වැඩිවෙලා තියෙනවා.

සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළදීම ඉතා වැදගත්. එය හැමෝම දන්නවා. වාතය තුළිනුත් මෙම වෛරසය බෝ වෙනවා. ඒ හින්දා මුව ආවරණ දැමීම ඉතා වැදගත් යැයි ඇය කීවාය

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version