මුල් පිටුව උණුසුම් පුවත් වාරියපොල ගම් දෙකක් ලොක්ඩවුන්

වාරියපොල ගම් දෙකක් ලොක්ඩවුන්

0

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.

මේ අතර, ඉදිරියේ දි උත්සව පැවැත්වීමට අවසර දීමේ දි හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත් වන බව යුද හමුදාපතිවරයා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version