මුල් පිටුව උණුසුම් පුවත් 08 වැනිදා රෑ ඕමානයෙන් පොහොර නැවක්

08 වැනිදා රෑ ඕමානයෙන් පොහොර නැවක්

0

ලබන 08 වැනිදා ඕමානයේ සිට මෙරටට පොහොර නැවක් සේන්දුවන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම පොහොර 09 හා 10 වෙනිදාවනවිට රට පුරා බෙදාහරින බව හෙතම අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පොහොර මිටිය වෙළඳපොලේ දැනට රුපියල් 40000 පමණ වුණත්, මෙසේ ගෙණඑන පොහොර මිටියක් රු.10000 ලබා දෙන බව මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ මෙමෙ පොහොර බෙදා දී රට සහලින් ස්වයංපෝෂිත කිරීම අරමුණ වී ඇති බව හෙතම කියා සිටියේය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version