හෙට(20) සිට පාසල් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට ඉඩ සැලසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීම මහජන උපයෝ්ගීතා කොමිසම විසින් අනුමත කර තිබේ.
ඒ අනුව හෙට සිට සතියක කාලයක් පෙරවරු 7 සිට මධ්‍යහ්න 12 දක්වා විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හෙට සිට මධ්‍යහ්න 12 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ කලාපවලට වෙන් වෙන් වශයෙන් පැය 2යි විනාඩි 30ක කාලයක් දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.