මුල් පිටුව අධ්‍යාපනය පාසල් දරුවන් වෙනුවෙන් හෙට සිට විදුලි කැපිල්ලේ වෙනසක්

පාසල් දරුවන් වෙනුවෙන් හෙට සිට විදුලි කැපිල්ලේ වෙනසක්

0

හෙට(20) සිට පාසල් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට ඉඩ සැලසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීම මහජන උපයෝ්ගීතා කොමිසම විසින් අනුමත කර තිබේ.

ඒ අනුව හෙට සිට සතියක කාලයක් පෙරවරු 7 සිට මධ්‍යහ්න 12 දක්වා විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හෙට සිට මධ්‍යහ්න 12 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ කලාපවලට වෙන් වෙන් වශයෙන් පැය 2යි විනාඩි 30ක කාලයක් දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version