මුල් පිටුව උණුසුම් පුවත් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටේ මෙහෙයුම් ලබන මාසේ සිට

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටේ මෙහෙයුම් ලබන මාසේ සිට

0

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් ලබන පළමුවනදා සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

කංකසන්තුරේ වරාය ද කඩිනමින් සංවර්ධනය කරන බව යාපනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේය.

කංකසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක ණය මුදලක් ලබාදී ඇත.

වරාය සංවර්ධනයෙන් ඉන්දියාවේ සිට සෘජුවම ආහාර හා පොහොර කංකසන්තුරේ වෙත රැගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විශේෂයෙන් ටොන් 300 බෝට්ටු හරහා ආහාර ද්‍රව්‍ය හා පොහොර කංකසන්තුරේ වරායට රැගෙන ඒමට නියමිත බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version