මුල් පිටුව අධ්‍යාපනය කොළඹ නගරයේ සියලු පාසල් ලබන සතියේ වසා දැමේ

කොළඹ නගරයේ සියලු පාසල් ලබන සතියේ වසා දැමේ

0

ලබන සදුදා (20) සිට සතියක කාලයක් කොළඹ නගරයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා පිළිබද සැලකිළිමත් වෙමිනි.

ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් අදාළ විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදී පවත්වාගෙන යා හැකිය.

එමෙන්ම තදාසන්න නගරවල පාසල් ලබන සතියේ ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් සිදුකිරීමටත් තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතා පවසයි.

ඔන්ලයින් අධ්‍යාපනය සිදුවන දහවල් කාලය තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් කර තිබේ.

ලබන 25 වනදා අධ්‍යාපන බලධාරීන් රැස්වී සිදුකරන සමාලෝචනයෙන් අනතුරුව මීළග සතියේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මකකරන ආකාරය පිලිබද තීරණයක් ගැනීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version