මුල් පිටුව උණුසුම් පුවත් පාසල් නිල ඇඳුම්වලින් 90%ක් ණයට දෙන්න චීනය ලෑස්තියි

පාසල් නිල ඇඳුම්වලින් 90%ක් ණයට දෙන්න චීනය ලෑස්තියි

0

ලබන වසර සඳහා ලබාදෙන පාසල් නිල ඇඳුම්වලින් 90% ක් චීන ණය ක්‍රමය යටතේ ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 50% ක් ලබාදීමට චීනය මීට පෙර එකඟ වී තිබුණු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරයි.

එහෙත් මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය 90% ක් දක්වා වැඩි කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙලෙස එකඟතාවය ලැබුණු බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව දේශීය නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා ගැනීමට හැකි වන්නේ 10% ක කොටසක් වන බවත් අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය ඊට හේතුව බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version