මුල් පිටුව උණුසුම් පුවත් “ආණ්ඩුව බංකොළොත් වුණාට විපක්ෂය බංකොළොත් නෑ”- විපක්ෂනායක

“ආණ්ඩුව බංකොළොත් වුණාට විපක්ෂය බංකොළොත් නෑ”- විපක්ෂනායක

1

අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ බංකොලොත් වූවා නම් සමගි ජනබලවේගය රට වෙනුවෙන් හුස්ම වැඩසටහන, මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් සක්වල වැඩසටහන, බස්‍ රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යනාදී සමාජ සත්කාර ක්‍රියාත්මක කළ නොහැකි බවද ඒ මහතා පැවසීය.

මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සහමුලින්ම පරිවර්තනයකට ලක් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, ඉන්ජිනේරු ක්ශේත්‍රය යනාදී විෂයන් විධිමත්වත්, ක්‍රමවත් ලෙසත් සකස් විය යුතු බවද පැවසීය.

විධිමත් ලෙස රටේ බලය ලබාගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් මෙහා ජනතාව පාවා දී, අගමැතිකම්වලට හෝ තනතුරු තාන්නමාන්නවලට හෝ කෙලහලන පුරුද්දක් සමගි ජන බලවේගය තුළ නැතැයි ද පැවැසීය.

නැති බැරිකම් සහ නොහැකියාවන් කියන්නට ආණ්ඩුව අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩු බලය ගන්නට පෙරාතුවත් කරන ලද කයිවාරු සහ ප්‍රකාශ ක්‍රියාවට නැංවීම ආණ්ඩුවක් කළ යුතු යැයි ද පැවසීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 22 වන පියවර ලෙස අද (16) මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නවයාලතැන්න කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

සංජීවනී එදිරිසිංහ

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version